දේශීය

බූස්ස බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක්

(UTV | කොළඹ ) – බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් රඳවා සිටි සිරමැදිරි තුනක සිදු කළ සෝදිසියකදී ජංගම දුරකතන 03ක් සහ අමතර සිම් කාඩ්පත් 04ක් සොයාගෙන තිබේ.

අදාළ දුරකතන සහ සිම් කාඩ්පත්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ සෝදිසියකදී සොයාගෙන ඇති බව වාර්තා වේ.

කොස්ගොඩ තාරක, වෙලේසුදා සහ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවා සිටි සිරමැදිරි තුනක් මෙලෙස සෝදිසි කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

එහිදී සිර මැදිරි තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ සිම් කාඩ්පත් දෙකක් දැමිය හැකි ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 04ක්, අමතර බැටරි 04ක් සහ චාජර් 02ක් සොයාගෙන තිබේ.

Related posts

සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමට

Mohamed Dilsad

රත්‍රං බිස්කට් රැගෙන ආ ලාංකිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හම්බන්තොට ට, රොකට් ගුවන් ගත කිරීමේ පථයක්…?

Editor O

Leave a Comment