දේශීය

රත්‍රං බිස්කට් රැගෙන ආ ලාංකිකයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – නීති විරෝධීව රුපියල් එක් කෝටි විසි නව ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (17) පෙරවරු 7.30 ට පමණ මාළිගාවත්තේ පදිංචි 36 හැවිරිදි සැකකරු ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට මෙරටට පැමිණ ඇත.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන ආකාරයට ඔහුගේ පාවහන් තුළ සඟවා තිබියදී මෙම කිලෝ 1 යි ග්‍රෑම් 400 ක් බරැති රන් බිස්කට් 12 ක් සොයාගෙන තිබේ.

අනතුරුව රේගු විමර්ශනයෙන් පසු මොහුට රුපියල් ලක්ෂ 13 ක දඩයක් පණවා ඇති අතර රන් බිස්කට් තොගය රාජසන්තක කර ඇත.

Related posts

හොර ආදායම් බලපත්‍ර හැදූ පුද්ගලයෙක් කොටුවෙයි

Mohamed Dilsad

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

කොවිඩ් ගැන පාර්ලිමේන්තු විවාදයක්

Mohamed Dilsad

Leave a Comment