දේශීයව්‍යාපාරික

‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා සිට සහනයක්

(UTV | කොළඹ) – ‘ද ෆිනෑන්ස්’ සමාගම ඈවර කිරීමේ කටයුතු කෙරෙන තෙක් සමාගමේ සියලුම තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා දිනයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 6 බැගින් මුදල් ගෙවන බව මහ බැංකුව විසින් අගමැතිවරයාට දැනුම්දී තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ වූ ප්‍රතිපාදනයන්ට අනුව ද ‍ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයට මූල්‍ය ව්‍යාපාර කටයුතුවල නියැලීම සඳහා ලබා දී තිබූ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.05.20 වන දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි කරනු ලැබීය.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැක.

මහජන බැංකුව : 0112-481594, 0112-481320, 0112-481612, 0112-481703

ශ්‍රී ලංකා මහ බැංකුව : 011-2398788, 0112-477261

Related posts

පුත්තලම, කොච්චිකඩේ, වත්තල සහ ජා-ඇලට පැනවූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

තවත් මිනිස් ජාවාරමක්

Mohamed Dilsad

සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් සමඟ බීජිං සිට ගුවන් යානා 2 ක් හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment