දේශීයප්‍රමුඛ පුවත 1

අද සහ හෙට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කොවිඩ් 19) – අද සහ හෙට දිනයේ සමස්ත දිවයින පුරා ඇඳිරි නීතිය බලාත්මක වන අතර , එය ඉවත් කිරීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදා අලුයම 4 ටයි.

මේ අතර දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය බලාත්මක වන බැවින් අද දිනයේ රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

මේ අතර අද දින දිවයිනේ සෑම පොලිස් වසමකම පැය 24 ම ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් අවසර දී ලබාදී තිබෙන අතර , එබැවින් අත්‍යවශ්‍යම කටයුත්තක් සඳහා හැර නිවසින් හෝ නවාතැන්ගෙන සිටින ස්ථානවලින් බැහැර නොයන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

Related posts

ඕමානයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් 04 ක් ජීවිතක්ෂයට..

Mohamed Dilsad

දුම්රිය සේවකයින් වර්ජනයක් ආරම්භ කරයි

Mohamed Dilsad

රටේ මත්පැන් ඉල්ලුම 30% පහළට

Mohamed Dilsad

Leave a Comment