දේශීය

නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ 13 ක් නාවික හමුදා භාරයට

(UTV | කොළඹ) – නීති විරෝධි ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

එහිදී මසුන් කිලෝග්‍රෑම් 10 ක තොගයක් සහ තවත් ධීවර ආම්පන්න තොගයක් ද නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය සහ කුච්චවේලී ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.

Related posts

වැට් හා දේශීය ආදායම් බදු පනත්කෙටුම්පත් සඳහා පෙත්සම් 10ක්

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනාවලදී තරුණ පිරිසට විශේෂ අවස්ථාවක්

Editor O

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ – ජනාධිපති

Editor O

Leave a Comment