ව්‍යාපාරික

අපනයනයෙන් තොර සංවර්ධනයක් මෙරට බලාපොරොත්තු විය නොහැකි

(උදයම්,කොළඹ)  –  අපනයනයෙන් තොර සංවර්ධනයක් මෙරට බලාපොරොත්තු විය නොහැකි බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහි යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවේදී පසුගියදා පරාජයට පත්විය.ඒ වැඩි ඡන්ද 317 කිනි.

එම අවස්ථාවට එක්වීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුව වෙත ගිය නියෝජිත පිරිසට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ද එක්ව සිටියේය .

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ආර්ථිකය ජාත්‍යන්තරය හා සම්බන්ධ කරලීමට රජය ප්‍රමුඛත්වයක් ලබාදෙන බවය.

Related posts

ලංකාවේ සේවය කරන විදේශිකයින්ට බද්දක් පැනවේ

Mohamed Dilsad

තේ වගාවේ අස්වනු ඉහළ නැංවීමට නව තාක්ෂණය යොදා ගැනේ

Mohamed Dilsad

වසරකට අවස්ථා 3 කදී ඵලදාව ලැබෙන නව පේර ප්‍රභේදයක්

Mohamed Dilsad

Leave a Comment