ව්‍යාපාරික

වසරකට අවස්ථා 3 කදී ඵලදාව ලැබෙන නව පේර ප්‍රභේදයක්

(UTV | කොළඹ) –  වසරක් තුළ අවස්ථා තුනකදී ඵලදාව ලබාගත හැකි නව පේර ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබේ.

මෙම පේර විශේෂය ග්‍රෑම් හාරසීයත්, පන්සීයත් අතර බරකින් යුතු වන අතර මාංශ ගතිය වැඩි හා මෘදු ගතියක් සහිත ඇටවලින් යුක්ත වේ.

මෙම දෙපාර්තමේන්තුව‍ෙ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේ ගන්නෝරුව පේර ලෙස නම් කර තිබෙන මෙම පේර පැළ දැනට ගන්නෝරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයෙන් දැනට ලබාගත හැකි බවත්, මෙම ප්‍රභේදයට අමතරව මේ වනවිට පේර ප්‍රභේද අටක් ගොවීන්ට හඳුන්වාදී තිබෙන බවත්ය.

දැනට හඳුන්වාදී තිබෙන සමස්ත පේර ප්‍රභේද නවයෙන් හතරක් දෙමුහුන් ප්‍රභේද බවත්, ඉතිරි ප්‍රභේද පහ විවෘත පරාගන පේර බවත් සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.

අනෙකුත් පේර සංසන්දනය කිරීමේදී අලුතින් හඳුන්වාදුන් ගන්නෝරුව පේර විශේෂයෙන් වැඩි ඵලදාවක් ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

අද සිට අයවැයෙන් අනුමතව ක්‍රියාත්මක සහන ණය

Mohamed Dilsad

මෙරට ජලජීවී වගාව නගා සිටුවන්න කොරියාවෙන් ඩොලර් මිලියන 2.5 ක්

Mohamed Dilsad

සූර්යබල විදුලි ක්ෂේත්‍රයට නව නැම්මක්

Mohamed Dilsad

Leave a Comment