දේශීය

5000 දීමනාවට අදාළව අභියාචනා 44,767 ක්

(UTV | කොවිඩ් 19) –  කොරෝනා වසංගතයත් සමග ජීවනෝපාය අහිමි වූ පිරිස් සඳහා ලබාදුන් රුපියල් 5000 දීමනාවට අදාළව අභියාචනා 44, 767 ක් ලැබී තිබේ.

මෙම අභියාචන අතුරින් වැඩිම සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 5000 කට අධිකය.

කොළඹින් ලැබී ඇති අභියාචන සංඛ්‍යාව 4000 කට අධික බව සඳහන්.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධන බලකාය සඳහන් කළේ, එම අභියාචනා සම්බන්ධයෙන් සළකා බලන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවයි.

 

Related posts

‘පන්නමු’ : දෙවන දවස අද

Mohamed Dilsad

ලබන 12 දා සිට බස්නාහිර උපකාරක පංති ආරම්භ කිරීමට අවසර

Mohamed Dilsad

කොළඹට පැය 12ක කාලයක් ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment