දේශීය

කාළගුණයෙන් ජනතාව වෙත තවත් විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – ඉදිරි දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලව දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් මැයි මස 26 දින සිට 29 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන්.

විශේෂයෙන්ම මෙම තත්ත්වය නිසා බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ඇතිවිය හැක.

පසුගිය සති කීපය තුළ දිවයිනේ නිරිත දිග කලාපයට අධික වර්ෂාවක් පැවති බැවින් නායයාම් සහ ගංවතුර අවදානම කලාපවල ජීවත් වන ජනතාවට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ජනතාවට දැනුම් දෙයි.

මේ සමග ඇතිවිය හැකි ආපදා අවම කර ගනිමින් ආපදාවට මුහුණ දීම සදහා පූර්ව සූදානම් වන ලෙසත් තාක්ෂණික ආයතන විසින් විටින් විට ලබා දෙනු ලබන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් අවධාරණය කරයි.

පවතින කාලගුණ තත්ත්වය පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අංකයෙන් ඇමතිය හැක.

Related posts

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

15,000 කට අධික ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ අවසන්

Mohamed Dilsad

වාරියපොළ ප්‍රා.සභාවේ සභාපතිවරයා ධූරයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment