කලා

සුමිත්‍රා පීරිස් ජපන් රජයේ ගෞරවාදරයට පාත්‍ර වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සුමිත්‍රා පීරිස් මහත්මිය ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික ප්‍රවර්ධනය උදෙසා වන ගෞරවනීය සම්මානයකින් එරට රජයෙන් සම්මානයට පාත්‍රවිය.

ජපාන-ශ්‍රී ලංකා මිත්‍රත්ව සම්මාන උළෙලේ ආරම්භක සාමාජිකාවක් වූ සුමිත්‍රා පීරිස් මහත්මිය, දූපත් දෙරට අතර සක්‍රීයව සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කළාය.

ශ්‍රී ලංකා රිදී තීරයේ “සිනමා කවියා“ ලෙස විරුදාවලිය ලත් සුමිත්‍රා පීරිස් මහත්මිය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරේ යෙදුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූවාය. “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා“ වැනි චිත්‍රපට ජපන් ප්‍රේක්‍ෂකයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර විය.

මීට අමතරව ගැහැනු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යන චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ඇය, දෙස්-විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ මෙරට අමරණීය කලාකාරිනියක් වූවාය.

Related posts

කොරෝනා අතුරු ප්‍රතිඵලයක් හැටියට මගේ ඇස් පෙනීම ඉතාම දුර්වල වෙලා

Mohamed Dilsad

‘මනිකර්ණිකා’ දැන් ස්කෝප් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ…

Mohamed Dilsad

සුශාන්ත්ගේ අවසන් චිත්‍රපටය අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment