ක්‍රීඩා

පන්දු යවන්නන්ගේ පුහුණුවීම් සඳහා ක්‍රිකට් කවුන්සිලයෙන් නිර්දේශ මාලාවක්

(UTV | කොළඹ) –  ඇතිව තිබෙන තතත්වයත් සමග පන්දු යවන්නන්ගේ පුහුණුවීම්වලට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නව නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර ඇත.

නැවත ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට සුදනම් වීමේදී ආබාධ වළක්වා ගැනීමට එය උපකාර වන බව ද ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ඔවුන් සඳහන් කරන්නේ දීර්ඝ කාලයක් ක්‍රීඩාවෙන් හා ප්‍රධාන පුහුණූවීම්වලින් ඉවත් වී සිටිමෙන් පසුව යළි ක්‍රීඩාවට පිවිසීමේදී පන්දු යවන්නන් විශේෂයෙන් සැලකිළිමත් විය යුතු බවයි.

ටෙස්ට් පන්දු යවන්නෙකු මූලික වශයෙන් සති 12 ක පමණ පූර්ව පුහුණූවීම් කාලයක් සම්පුර්ණ කිරීම වඩාත් යෝග්‍ය බවත් එක් දින තරඟ සහ 20යි 20 තරඟවලට සති 6 ක කාලයක් පුහුණූවීම සුදුසු බව ද ක්‍රිකට් කවුන්සිලය නිර්දේශ කරයි.

Related posts

16 වන ලෝක ජිම්නාස්ටික් සංදර්ශන ක්‍රිඩා උලෙළට සහභාගීවන කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

වසරේ ඔලිම්පික් කාන්තාව තිලකා

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

Leave a Comment