Trending News

මාලිගාවත්තේ ජුම්මා මස්ජිඞ් මාර්ගය තාවකාලිකව වසා දමයි

(UTV | මාළිගාවත්ත) – මාළිගාවත්ත ජුම්මා මස්ජිඞ් මාර්ගයට ඇතුලුවීම හා ඉන් පිටවීම තාවකාලිකව නවතා දමා ඇති බව පොලිසිය පවසයි.

ඒ මාලිගාවත්ත ප්‍රදේශයේදී පෞද්ගලිකව සිදුකළ ආධාර බෙදීමකදී සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3 දෙනෙකු මිය යාම හේතුවෙනි.

එම තෙරපීමෙන් තුවාල ලැබු තවත් 09 දෙනෙකු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ එය සංවිධාන කල පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙම මුදල් බෙදා දීමේ අවස්ථාව සඳහා එම ප්‍රදේශයේ 300ක පමණ පිරිසක් සහභාගී වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

Related posts

Gold smuggled to Ramanathapuram from Sri Lanka seized

Mohamed Dilsad

நாட்டின் பெரும்பாலான பிரதேசங்களில் மழை

Mohamed Dilsad

News Hour | 06.30 am | 11.12.2017

Mohamed Dilsad

Leave a Comment