දේශීය

රුපියල් 5000 සේ දීමනාව ලබන මාසයේ නවතී

(UTV | කොළඹ ) – කැබිනට් මණ්ඩලය විසින් කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම අහිමි වු පවුල්වලට ගෙවනු ලබන රුපියල් 5000 දිමනාව ජුනි මාසයේ නොගෙවීමට තීරණය කර තිබේ.

පසුගිය 17 වන දා එම දිමනාව ලබන මාසයේ ගෙවිම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි බැවින් ඒ පිළිබඳව නැවත සලකා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර වෙත ලිපියකින් දැනුම්දී තිබුණි.

අදල මූල්‍යාධාර ලබාදීමේ ව්‍යාපෘතිය ආණ්ඩුව දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් ලෙස ක්‍රියාත්මක වන බවට පැමිණිලි ලැබිමේ ප්‍රවණතාව වැඩිවී ඇති බව අදාල ලිපිය මඟින් මැතිවරණ කොමිසම් සභාව දැනුම්දී තිබුණි.

එම නිසා අදාල දිමනාව ලබාදීමේ වැඩසටහන් වලින් ප්‍රාදේශිය හා ග්‍රාමිය දේශපාලනඥයින් ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස ද මැතිවරණ කොමිසම් සභාව ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

අදාල ලිපිය සම්බන්ධයෙන් ඊයේ (20) දහවල් රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

මෙය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින් එය ලබන මාසයේ නොගෙවිමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

Related posts

ආසාදිතයන් 157ක් සුවය ලබයි

Mohamed Dilsad

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment