දේශීය

කුවේටයේ සිටින ලාංකිකයන් පිරිසක් හෙට දිවයිනට

(UTV | කොළඹ ) – හෙට(19) දිනයේදී රැකියා සඳහා විදේශ වූ ශ්‍රී ලාංකිකයන් අතුරින් කොරෝනා වසංගත තත්ත්වය මත විවිධ අපහසුතාවයන්ට පත්වු 448 පමණ පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තෙ විසින් විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් පරිදි මෙම පිරිස කුවෙට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

කුවේට් ගුවන් සේවයට අයත් යානා දෙකකින් පැමිණෙන මෙම පිරිස හෙට දහවල් ශ්‍රී ලංකාවට ළඟා වන අතර ඉතිරි පිරිස හෙට රාත්‍රීයේ දිවයිනට පැමීණිමට නියමිතය.

Related posts

හිටපු ජනපති පාස්කු කොමිසම හමුවට

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන ඉඟියක්…?

Editor O

ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වුණු බවට වූ සංදේශය ජනපතිට භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment