දේශීය

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමෙන් පොලිස් ලොක්කන් දෙදෙනෙකුට කැඳවීමක්

(UTV | කෝවිඩ්-19) – අද(14) දිනයේ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා පත්කර ඇති ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත උසස් පොලිස් නිලධාරින් දෙදෙනෙකු කැඳවා තිබේ.

අද පෙරවරු 9.30 සිට විවෘත සාක්ෂි විමසීම සඳහා මෙම කැඳවීම් සිදුකර ඇති බව ජනාධිපති කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සහ බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති එස් .ඩබ්ලිව් වික්‍රමසිංහ අද දිනයේ සාක්ෂි ලබා දිමට නියමිතයි.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසිම් තාවකාලිකව නතර වි තිබු අතර එහි කටයුතු ඊයේ(13) දිනයේ සිට යළි ආරම්භ කෙරුණි.

Related posts

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් [PRESS RELEASE]

Mohamed Dilsad

ඇසළ පෙරහැර සාර්ථකව අවසන්

Mohamed Dilsad

පේදුරුතුඩුව කොට්ටඩි ඉන්ධනහළ ආසන්නයේ ළිඳකින් අත්බෝම්බ 11ක් හමුවෙයි.

Editor O

Leave a Comment