දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා – චීන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්

(UTV | කෝවිඩ්-19) – පවතින කොවිඩ් -19 තත්වය සම්බන්ධයෙන් චීන –ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින් විසින් වසංගතය පාලනයේදී විවිධ අංශවලින් ප්‍රායෝගික ලෙස සහයෝගීතාවය පවත්වා ගත යුතු බව එහිදී සඳහන් කර ඇත.

චීනයේ එකම තීරයක් එකම මාවතක් ප්‍රතිපත්තියට අනුකූලව එය සිදුවිය යුතු බවද ශ්‍රී ලංකා ආර්ථිකය නගා සිටුවීමට එවැනි කාර්යයන් ඉවහල් වනු ඇති බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

පවතින තත්වය හමුවේ චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවටයි ජනාධිපතිවරයා සහතික වී ඇත.

පරීක්ෂණ ඇතුලු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරන බවටද ෂී ජින්පින් ප්‍රතිඥා දී තිබෙනවා.

කොරෝනා වසංගතය පාලනය කර ගැනීම හරහා චීන ජනතාව නැවත වරක් සිය ශක්තිය ලොවට පෙන්නුම් කර ඇති බව මෙහිදී අදහස් පළකල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇත.

දීර්ඝ කාලයක සිට පවතින චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වයද ඔහු සිහිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ඉදිරියේදීත් අඛණ්ඩව චීනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම කොළඹ වරාය ව්‍යාපෘතිය වැනි සංවර්ධන කටයුතුවලදී ද චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවටද ඉදිරියටත් චීන ආයෝජන බලාපොරොත්තු වන බව ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබේ.

Related posts

මෙතෙක් දිනක වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 20-20 ක්‍රිකට් තරඟය අද (13) රෑ 07ට ඇරඹේ

Editor O

මූල්‍ය වංචාවකට පුද්ගලයකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment