දේශීය

කළුතර ඇතුළු ප්‍රදේශ කීපයකට අද ජල කප්පාදුවක්

(UTV | කළුතර) – අද (12) පෙරවරු 8 සිට පස්වරු 6.30 දක්වා පැය 10 ක කාලයක් කළුතර හා අවට ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලිබලය සැපයීම අත්හිටුවීම හේතුවෙන් මෙලෙස ජලය කපා හරින බවට වාර්තා වේ.

ඒ අනුව මෙම ජලකප්පාදුව වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර(උතුර/දකුණ), කටුකුරුන්ද – නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර – මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට බලපැවැත්වෙයි.

Related posts

ජූලි මාසයට නියමිත බස්ගාස්තු සංශෝධනය ගැන ගැමුණු විජේරත්නගෙන් ප්‍රකාශයක්

Editor O

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ‍

Mohamed Dilsad

ජගත් ලෝක කාන්තා දිනය අදයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment