දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

(UTV | කෝවිඩ්-19) – නැවත දැනුම් දෙන තුරු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රි කාලයේදී පමණක් ක්‍රියාත්මක වෙයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මක වේ.

අද (11) පෙරවරු 05.00ට එම දිස්ත්‍රික්කවලට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය රාත්‍රි 08.00ට යළි ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

රජය විසින් මීට පෙර ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය ලිහිල් කිරිමට ඊයේ (10) තීරණය කර තිබුණි.

මේ අතර ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී සාමාන්‍ය ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරිම අද සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විවෘත කිරිමට පියවර ගෙන ඇති අතර ඒ යටතේ පුද්ගලයින්ට සේවා කටයුතු සඳහා ගමනා ගමනයට අවසර හිමි වෙයි.

එක් එක් ආයතනවල ප්‍රධානීන් විසින් සේවයට වාර්තා කළ යුතු සේවික සේවිකාවන් සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව රජය පවසයි.

පොලීසිය පවසන ආකාරයට ඒ යටතේ අදාල සේවික සේවිකාවන් කැඳවිමට අදාල දැනුම්දීමක් සිදු කළ යුතු අතර එම දැනුම්දීම සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික පිටපතක් සහ ආයතනික හැඳුනුම්පත හෝ ආයතනයෙන් ඉදිරිපත් කළ ලිපියක් ඔවුන් සතුව තිබිය යුතු වේ.

Related posts

දළදා පෙරහරේ කප් සිටුවීම අද

Mohamed Dilsad

තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි මුල සිට බලාත්මකයි

Mohamed Dilsad

පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment