දේශීය

විදේශිකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට ඔන්ලයින් අයදුම්පත් සඳුදා සිට

(UTV | කොළඹ ) – ලබන සඳුදා (11) සිට ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන්ගේ වීසා බලපත් කාලය දීර්ඝ කිරීම සඳහා ඔන්ලයින් අයදුම්පත් භාරගැනීම ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට 11 දහසකට ආසන්න විදේශිකයන් පිරිසක් රට තුළ සිටින බවට තහවුරු කරගෙන ඇත.

දැනට මෙරට සිටින විදේශිකයන්ට නිකුත් කර ඇති සියලු කාණ්ඩවලට අයත් වීසා කාලය කොවිඩ් – 19 වසංගතය හමුවේ අවස්ථා 2 කදී මාසය බැගින් දීර්ඝ කරනු ලැබූ අතර එය මැයි 12 වනදා අවසන්වීමට නියමිතයි.

මැයි 11 වනදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් වීසා කාලය දීර්ඝ කිරීමට අදාල අයදුම්පත් ලබාගත හැකියි.

Related posts

පවතින නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ වාහන දීම නීති විරෝධී යි. දුන්නොත් නඩු දාන්න විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සූදානම්.

Editor O

විශේෂ තේමාවක් යටතේ නෙළුම් කුළුණ අද සවසට ආලෝකමත් වෙයි

Mohamed Dilsad

මූල්‍ය – ලීසිං සමාගම් අක්‍රමිකතා කමිටුවට පැමිණිලි ගැනීම අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment