විදෙස්

අතුරුදන්ව සිටි උතුරු කොරියානු නායකයා මාධ්‍ය ඉදිරියට [PHOTOS]

(UTV | උතුරු කොරියාව) – පුරා සති තුනක කාලයක් අතුරුදහන්ව සිටි උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් පළමු වරට ඊයේ (01) දිනයේදී ප්‍රසිද්ධියේ පෙනී සිටි ඇති බව එරට මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ඔහු ලෝක කම්කරු දිනය යෙදී තිබු ඊයේ දිනයේදී සන්චොන් ප්‍රාන්තයේ පිහිටි පොස්පේට් පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කිරිමට එක්ව සිට ඇත.

උතුරු කොරියානු නායකයා එම උත්සවයට සහභාගිවීමට අදාළ ජයාරූප කිහිපයක්ද එම ඒජන්සිය විසින් පළ කර ඇත.

හදිසි ශල්‍යකර්මයකට භාජනය වූ උතුරු කොරියානු නායකයා මියගොස් ඇති බවට පසුගිය සති දෙක තුලදී ඇතැම් විදෙස් මාධ්‍ය පුවත් වාර්තාකර තිබුනි.

Related posts

බස් රථ අනතුරකින් 27ක් මරුට – තවත් 20 දෙනකුට තුවාල

Mohamed Dilsad

තම ණය ගෙවන්න සොසේජස් විකුණන චීන මිලියනපතියා

Mohamed Dilsad

ඉන්දීය නියමුවා නිදහස් කිරීමට පාකිස්ථානය එකඟත්වයට

Mohamed Dilsad

Leave a Comment