විදෙස්

අතුරුදන්ව සිටි උතුරු කොරියානු නායකයා මාධ්‍ය ඉදිරියට [PHOTOS]

(UTV | උතුරු කොරියාව) – පුරා සති තුනක කාලයක් අතුරුදහන්ව සිටි උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් පළමු වරට ඊයේ (01) දිනයේදී ප්‍රසිද්ධියේ පෙනී සිටි ඇති බව එරට මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ඔහු ලෝක කම්කරු දිනය යෙදී තිබු ඊයේ දිනයේදී සන්චොන් ප්‍රාන්තයේ පිහිටි පොස්පේට් පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කිරිමට එක්ව සිට ඇත.

උතුරු කොරියානු නායකයා එම උත්සවයට සහභාගිවීමට අදාළ ජයාරූප කිහිපයක්ද එම ඒජන්සිය විසින් පළ කර ඇත.

හදිසි ශල්‍යකර්මයකට භාජනය වූ උතුරු කොරියානු නායකයා මියගොස් ඇති බවට පසුගිය සති දෙක තුලදී ඇතැම් විදෙස් මාධ්‍ය පුවත් වාර්තාකර තිබුනි.

Related posts

සෝනියා ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට සැරසෙයි

Mohamed Dilsad

ජනපති ට්‍රම්ප්ගේ යූ ටියුබ් නාලිකාවත් අත්හිටුවයි

Mohamed Dilsad

පාකිස්තානය යළිත් චීනයට ගුවන් ගමන් අරඹයි

Mohamed Dilsad

Leave a Comment