දේශීය

ලන්ඩන් සහ මෙල්බන්හි රැඳී සිටින සිසුන් රැගෙන ඒමට ගුවන් වාර කීපයක් [RELEASE]

(UTV | කොවිඩ් 19 ) – කොරෝනා ව්‍යාප්තියත් සමග එංගලන්තයේ සහ  ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් විශේෂ ගුවන් ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඔවුන් නිකුත් කළ නිවේදනයට අනුව එංගලන්තයේ ලන්ඩන් නුවර වෙත මැයි මස 3, 4 සහ 5 යන දිනවලදී මෙම ගුවන් යානා යෙදවීමට පියවර ගෙන ඇත.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙත මැයි මස 8 වනදා ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයක් පිටත්ව යාමට නියමිතය.

මෙම ගුවන් ගමන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, එම රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල , එම රටවල සහ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරි මැදිහත් වීමෙන් සැලසුම් කර ඇත.

Related posts

දිවයින පුරා ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට

Editor O

ඡන්දය භාවිතා නොකළොත් දඩ ගහන නීතියක් ගේනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක

Editor O

Leave a Comment