දේශීය

ලන්ඩන් සහ මෙල්බන්හි රැඳී සිටින සිසුන් රැගෙන ඒමට ගුවන් වාර කීපයක් [RELEASE]

(UTV | කොවිඩ් 19 ) – කොරෝනා ව්‍යාප්තියත් සමග එංගලන්තයේ සහ  ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් විශේෂ ගුවන් ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඔවුන් නිකුත් කළ නිවේදනයට අනුව එංගලන්තයේ ලන්ඩන් නුවර වෙත මැයි මස 3, 4 සහ 5 යන දිනවලදී මෙම ගුවන් යානා යෙදවීමට පියවර ගෙන ඇත.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙත මැයි මස 8 වනදා ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයක් පිටත්ව යාමට නියමිතය.

මෙම ගුවන් ගමන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, එම රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල , එම රටවල සහ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරි මැදිහත් වීමෙන් සැලසුම් කර ඇත.

Related posts

මත්තල ගුවන්තොටුපොළේ ආරක්ෂක වැටට අලි ගහයි

Editor O

වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට අවසන් දැනුම් දීමක් : මාර්තු 05 ට පෙර විසඳුම් නැත්නම්, දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

Editor O

එළඹෙන 28 වන දා දැවැන්ත වැඩ වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment