දේශීය

වෙසක් සැරසිලි නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – බෞද්ධ ජනතාවට අවශ්‍ය වෙසක් සැරසිලි සිය නිවෙස් වෙතම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුවී තිබේ.

බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ජනාධිපති කාර්ය සාධන බලකායෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඒවා ජංගම රථ මගින් ජනතාවට ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි.

මිට අමතරව, ලබන සඳුදායින් ආරම්භ වන වෙසක් සතිය තුළ සියලූම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම නිවෙස්වල සහ රථවාහනවලද බෞද්ධ ධජය ප්‍රදර්ශනය කරන ලෙස බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්ඩංගුවට

Mohamed Dilsad

බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට තහනමක්

Editor O

වැලිකඩ තවත් රැඳවියන් 23 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment