දේශීය

A -9 මාර්ගයේ බස් අනතුරකින් 13කට තුවාල

(UTV |ඕමන්තේ) – වෙලන්කන්නි ප්‍රදේශයේ අද (27) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

A – 9 මාර්ගයේ කිලෝමීටර් 190 කණුව ආසන්නයේ දී කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක්  ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ඕමන්තේ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් ඕමන්තේ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Related posts

ශ්‍රීලනිපය පළාත් සභා මැතිවරණයට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

කටුනායක නව අංගනයේ ඉදිකිරීම් මාස 3ක් තුළ අවසන් කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

රාජගිරියේ මාරක රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment