ක්‍රීඩා

උමාර් අක්මාල්ට වසර 3 ක තහනමක්

(UTV | පාකිස්තානය) –  පාකිස්තානු කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල්ට වසර තුනක තහනමක් පැනවීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත.

තරඟ පාවා දීමේ ප්‍රයත්න පිළිබඳ තොරතුරු හෙළි නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහි චෝදනා එල්ලවන අතර , පාකිස්තාන සුපර් ලීග් තරඟ මාලාවේදී ඔහු මෙම වරද සිදුකර තිබේ.

අදාළ චෝදනා යටතේ පසුගිය පෙබරවාරි මාසයේදී ඔහුට එරෙහිව තාවකාලික තරඟ තහනමක් පනවනු ලැබූ අතර , ඒ සම්බන්ධයෙන් උමාර් අක්මාල් අභියාචනයක් ඉදිරිපත් කිරීම ද සිදුකළේ නැත.

එබැවින් අදාල චෝදනා විමර්ෂණය කළ විනය කමිටුව මෙම තරඟ තහනම පැනවීමට කටයුතු කර ඇත.

 

Related posts

FIFA ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

Mohamed Dilsad

වෙනස්කම් සහිතව හෙට (08) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 මෙන්න..

Mohamed Dilsad

දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලූ 8 ක ජයග්‍රහණයක්

Mohamed Dilsad

Leave a Comment