විදෙස්

ඇමරිකාවේ කොවිඩ් 19 ආසාදිත පිරිස මිලියනය අභිබවා යයි

(UTV | කොවිඩ් 19) –  කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයෙන් වැඩිම පීඩාවට ලක්වූ ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිත සංඛ්‍යාව ද මේ වන විට දස ලක්ෂය ඉක්මවා තිබේ.

ඇමරිකාවෙන් කොරෝනා මරණ 56,677 ක් ද වාර්තා වී තිබේ.

ඉතාලියෙන් කොරෝනා මරණ 26,977ක් ද, ස්පාඤ්ඤයෙන් මරණ 23,521 ක් ද වාර්තා වන අතර, ප්‍රංශයේ කොරෝනා මරණ ද ඊයේ දිනයේ 23,000 ඉක්මවූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද මේ වන විට 21,000 ඉක්මවා අවසන්.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට තිස් ලක්ෂ 60,000 ඉක්මවා ඇති අතර, මරණ දෙලක්ෂ 11,000ක් ද වාර්තා විය.

Related posts

ඉන්දුනීසියාවට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

මගීන් 13ක් සමඟ ඉන්දීය ගුවන් යානයක් අතුරුදන් වේ

Mohamed Dilsad

පීලිපීනයේ භූමිකම්පාවෙන් 26 මියගිහින්

Editor O

Leave a Comment