දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

(UTV | Covid – 19 ) – අද (28) පෙරවරු5 සිට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කෙරිණි.

අද රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශවලට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඊයේ (27) දිනය තුළ ද දිවයිනේ සියලු දිස්ත්‍රික් සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.

කෙසේවුව ද කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්වලට තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පුද්ගලයන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනිම සඳහා පිටතට පැමිණිමේ දී තමාගේ හැඳුනුම්පතේ අවසන් අංකයට අදාළව නිකුත් කර ඇති දිනයන් ඒ සඳහා යොදාගන්නා ලෙසයි පොලීසිය ඉල්ලා සිටියි.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රැකියා සඳහා පිටත් වන්නන් සහ අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නන්ට හැඳුනුම්පතේ අවසන් අංකය අදාළ නොවන බව පොලීසිය පැවසුවේය.

ඇදිරි නීතිය ඉවත් කළ කාලය තුළ ද නිරෝධායන නීති උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

මාස 3කට කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

පුද්ගලික බස් හිමියන් සහ ජනපති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

දෙපානම මංසන්ධිය අසළ වෙඩි වැදුණු මළ සිරුරක්..

Mohamed Dilsad

Leave a Comment