ප්‍රමුඛ පුවත 1

ඉදිරි පැය 12 තුළ ෆොනී චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

(UTV| කොළඹ) – ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (‘ෆොනී’) 29 වන දින පෙ.ව 08.30 වන විට මඩකලපුව සිට නැගෙනහිර දෙසින් කි.මී 580 පමණ දුරින් උතුරු අක්ෂාංශ 8.7 ත් නැගෙනහිර දේශාංශ 86.9 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊළඟ පැය 24 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි අනුමාන කෙරේ.

මෙම පද්ධතිය මැයි මස 01 වන දින දක්වා නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ඉන්පසුව ක්‍රමයෙන් නැවත හැරී ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.

.ඒ නිසා දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ අංශ පවසන්නේ.

බස්නාහිර, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ වල තදවැසි ඇති විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ. සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50-60 දක්වා වැඩි විය හැක.

ශ්‍රී ලංකාවට දකුණු, ගිනිකොණ, නැගෙනහිර සහ ඊසාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල පැ.කි.මී 70-80 දක්වා වන සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 100 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු සිට දළ රළු වේ. පද්ධතියේ කේන්ද්‍රයේ සිට කි.මී. 300 දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී 120-150 දක්වා වැඩි විය හැක.

ශ්‍රී ලංකාවට නිරිත, දකුණු, ගිනිකොණ, නැගෙනහිර, ඊසාන සහ උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරුධිවර සහ නාවුක කටයුතු වලින් වලකින ලෙස ධීවරයන්ට උපදෙස් දෙනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙක් සොයාගැනේ

Mohamed Dilsad

කඳුකරයේ ජලාශ රැසක ජල මට්ටම පහළට

Mohamed Dilsad

අලූත් අවුරුද්දේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

Leave a Comment