දේශීය

කොරෝනා අරමුදලට අමාත්‍ය මණ්ඩල මසක වැටුප පිරිනැමීමට එකඟත්වය

(UTV | කෝවිඩ්-19) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ එක් මසක වැටුප පරිත්‍යාග කිරීමට සිය එකඟත්වය පළ කර තිබේ.

අගමැතිවරයා අද(23) දිනයේ දී තමා විසින් කළ මෙම යෝජනාවට සිය එකඟත්වය පළ කළ බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියි.

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛනිජ තෙල් බෙදා හැරීමේ පර්යන්තයේ සේවක මණ්ඩලවල එක් දිනක වැටුප වශයෙන් රුපියල් ලක්ෂ 142 කට ආසන්න මුදලක් කොවිඩ් 19 අරමුදල වෙත පරිත්‍යාග කර ඇත.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Related posts

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ සිටි විජේරාම නිල නිවස බාර ගැනීමට ආණ්ඩුව කල් ගත කරයි

Editor O

මාලිමා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය ට එරෙහිව ජාත්‍යන්තරය දැනුවත් කරයි…

Editor O

Leave a Comment