විදෙස්

ලොවපුරා කොරෝනා මරණ එක් ලක්‍ෂ හැටදහස ඉක්මවයි

(UTV |කොවිඩ් 19 ) – ලොව පුරා කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුවු මරණ සංඛ්‍යාව 160,579ක් වී තිබේ.

එසේම ආසාධිතයන් සංඛයාව 23 ලක්ෂය ඉක්මවා ගොසඇති බව විදෙස් වාර්තා පවසයි.

වසංගත තත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති යුරෝපයේ මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

ඊයේ(18) දිනයේදී ඇමෙරිකාවෙන් පුද්ගලයින් 1820 දෙනෙකු මිය ගොස් ඇති අතර එරට සමස්ථ මරණ සංඛයාව 39,014ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට හත් ලක්ෂ 38,792ක් වී තිබේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ තවත් කොරෝනා වෛරස් මරණ 888ක් ඊයේ දිනයේ වාර්තාවූ වී අතැහැ.

ඒ අනුව එරට සිදුවූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 15,464ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ වන එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරිගේ 94 වන ජන්ම දිනය ලබන 21 වනදාට යෙදී ඇත.

නමුත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා ලබන අඟහරුවාදාට යෙදී ඇති සිය උපන් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත ආචාර වෙඩි මුර උත්තමාචාරය අවලංගු කිරීමට දෙවන එලිසබෙත් මහ රැජිණ තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

Related posts

ඔස්ට්‍රේලියානුවන් සඳහා Vaccine Passport නිකුත් කිරීම ඇරඹේ

Mohamed Dilsad

ජනාධිපති ට්‍රම්ප් ගෙන් ඇමෙරිකානු බුද්ධි අංශයට චෝදනා

Mohamed Dilsad

බොරිස් ජොන්සන් යළිත් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment