දේශීයප්‍රමුඛ පුවත 1

පරිප්පු සහ සැමන් සඳහා වූ සහනය අවසන්

(UTV |කොළඹ ) – පරිප්පු සහ ටින්මාලු සඳහා රජය දී තිබූ සහනය පසුගිය 10 වනදා සිට ඉවත් කිරීම හේතුවෙන් රජය පණවා ඇති පාලන මිළ යටතේ පරිප්පු සහ ටින් මාලු අලෙවි කල නොහැකි බව සුපිරි වෙළඳසැල් කිහිපයක් සිය පාරිභෝගිකයන්ට දන්වා තිබේ.

රජය විසින් ඒ අනුව අදාළ සහනය මින් ඉදිරියට සතොස සහ සමූපකාර සඳහා පමණක් දීමට තීරණය කර ඇත.

පරිප්පු කිලෝවක් රුපියල් 65 කටද ටින්මාලු ටින් එකක් රුපියල් 100 කටත් දීමටයි රජය පසුගියදා පාලන මිලක් පණවනු ලැබුවේය.

ඉදිරියේදී සීනි සඳහා රජය විසින් දැනට දී ඇති සහනයද ඉවත් කෙරෙනු ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේය.

සුපිරි වෙළඳසැල් තුල අද (15) සිට පරිප්පු කිලෝවක් රුපියල් 134 කටද ටින්මාලු ටින් එකක් රුපියල් 192 කටද අලෙවි කරන බව සඳහන් වේ.

Related posts

කොරෝනා ආසාදිත නාවිකයන් තවත් ඉහළට

Mohamed Dilsad

තැපැල් වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

පාර්ලිමේන්තු හිටපු මහ ලේකම්ට නොතීසි

Mohamed Dilsad

Leave a Comment