දේශීය

විදේශීය වෙළඳ නෞකාවක සිටි නාවිකයෙකු ආරක්‍ෂිතව කොළඹ වරායට

(UTV | කොළඹ) – ජාත්‍යන්තර බහලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව අද (13) අලුයම කටයුතු කර තිබේ.

ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෟජු අධීක්‍ෂණය යටතේ නාවික හමුදාව විසින් වයස අවුරුදු 36 ක් වන සෝලිස් රයන් මාගන් (Solis Ryan Magan) නම් පිලිපීන ජාතිකයෙකු මෙලෙස කොළඹ වරාය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කළේය.

නාවික හමුදාව සඳහන් කළේ කොළඹ වරායට මුහුදු සැතපුම් 5 ක් පමණ ආසන්නයට පැමිණි එම නෞකාව වෙත ළඟාවූ නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් සියලු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර මෙලෙස මොහු ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි.

පසුව වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව සුවසැරිය ගිලන් රථ සේවාව හරහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

 

Related posts

දින 4 ක අධිවේගී මාර්ග ආදායම මිලියන 140

Mohamed Dilsad

ජාතික රෝහලේ සායනික රෝගීන් සඳහා ඍජු දුරකථන අංක කීපයක් [PRESS RELEASE]

Mohamed Dilsad

උපාධිධාරී ගුරුවරු 5,500ක් ගුරු සේවයට

Mohamed Dilsad

Leave a Comment