විදෙස්

ඇමෙරිකාවේ පරීක්ෂණ අසාධ්‍ය මට්ටමේ රෝගීන්ටයි

(UTV |ඇමෙරිකාව ) – ඇමෙරිකාවේ මිචිගන් ප‍්‍රාන්තයේ රෝහල් කිහිපයකදී නව කොරෝනා පරීක්ෂණයට මුහුණ දුන් සෞඛ්‍ය කාර්යය මණ්ඩල සේවකයින් 700 දෙනෙකුට එම වෛරසය වැළදී ඇති බව තහවුරු කරගෙන තිබේ.

 

මේ වන විට ඇමෙරිකාවේ බොහෝ වෛද්‍ය මධ්‍යස්ථානවල නව කොරෝනා පරීක්ෂණ සිදු කරන්නේ ඉතා දරුණු රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයින්ට පමණක් බව වාර්තාවේ.

ඒ හේතුවෙන්, වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින් බොහෝ පිරිසක්, වෛරසය ආසාදනය වී දරුණු අතට හැරෙන තුරුම තමාට කොරෝනා ආසාදනය වී ඇතැයි නොදැන රෝග වාහකයින් ලෙස කටයුතු කරන බව ද එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප‍්‍රාන්තයෙන් ඊයේ දිනයේ (08) පමණක් කොරෝනා මරණ 779ක් වාර්තා වී තිබේ .

එසේම නව කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ පනස්දහසක් ද ඊයේ දිනයේ නිව්යෝර්ක් නුවරින් වාර්තා වුණි.

මේ වනවිට නිව්යෝ්ර්ක් ප‍්‍රාන්තයෙන් වාර්තා වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 6,268 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මැලේසියානු රජු කිරුළ අත්හරී.

Mohamed Dilsad

ප්‍රබල එලනර් සුළි කුණාටුවෙන් යුරෝපයට බලපෑම් (ඡායාරූප)

Mohamed Dilsad

ආමාශය තුල නිරීක්ෂණය කිරීමට පිම්බෙන බෙහෙත් පෙත්තක්.

Mohamed Dilsad

Leave a Comment