විදෙස්

ඉතාලිය දින 03 කට වැසේ

(UTV | ඉතාලිය) – පාස්කු දිනය ඉලක්ක කර ඉතාලිය දින 03 ක දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත.   

සමස්ත රටම රතු කලාපයක් ලෙස නම් කර එය ක්‍රියාත්මක වන අතර , අත්‍යවශ්‍ය නොවන සෑම සංචරණ කටයුත්තක්ම ඒ අනුව අත්හිටුවා ඇති අතර පාස්කු භෝජන සංග්‍රහ පවා නිවෙසටම සීමා කල යුතුයි.

මේ අතර අඛණ්ඩව දෙවන වරටත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් රෝමයේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේදී කිසිදු බැතිමතෙකු නොමැතිව පාස්කු දේව මෙහෙය පැවැත්වීමට නියමිතව ඇත.

ඉතාලිය තුළ කොවිඩ් 03 වන රැල්ලක අවධානමක් උද්ගතව ඇති අතර දෛනිකව ආසාදිතයන් 20 දහසක් පමණ වාර්තාවන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

Related posts

අරාබිකරයේ සතුටින්ම සිටින රට

Mohamed Dilsad

කිරුලෙන් ඉතිහාස ගතවන එළිසබෙත් රැජින

Mohamed Dilsad

තවත් බොලිවුඩ් තරුවකගේ මවට සහ සහෝදරයාටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment