ප්‍රමුඛ පුවත 1

නීති විරෝධීව ගෙන්වූ ලොකු ලූණු බීජ තොගයක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

(උදයම්,මන්නාරම)  –  නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද ලොකු ලූණු බීජ ඇසුරුම් 20 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු මන්නාරම සිලාවතුර මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගැනේ.

අද(26) ඔවුන් අත්අඩංගුවට ගත්බව  ථේරපුත්ත නාවුක ආයතනය කියයි.මෙම වැටලීමට සිලාවතුර පොලිසිය ද එක්වී තිබේ.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ සිට මෙම ලොකු ලූණු බීජ ඇසුරුම් මෙරටට රැගෙනවිත් තිබේ.මේවා ප්‍රවාහනය සදහා යොදා ගැනීමට නියමිතව තිබූ වාහන දෙකක්ද පොලිසිය භාරයට ගැනුණි.

මෙම බීජ ග්‍රෑම් 500 බැගින් වන පැකට් 942 ක අසුරා තිබුණි.

එවායේ ඉන්දිය ලාංඡන හා පිට ඇසුරුම් ඉවත් කර බීජ ශ්‍රී ලංකාවේ වෙළද නාම යටතේ අලෙවි කරන බවට අනාවරණය වී ඇත.

Related posts

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නවත්වන්නැයි ඉල්ලීමක්…

Mohamed Dilsad

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට.

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ කිහියපකට පය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment