දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවය සියලුම මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – සියලුම මගී ගුවන් ගමන් අද (08) සිට ලබන 21 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ.

මේ වනවිට බලධාරීන් විසින් පනවා ඇති ගුවන් සීමා සමාලෝචනය කරමින් සිටින අතර එවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් ලබන 21 දිනට පෙර කෙටි දැනුම්දීමකින් සිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සන්නිවේදන අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ අවශ්‍ය වුවහොත් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ගෙන්වා ගැනීම සඳහා මෙම කාලය තුළ විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති බවයි.

ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති අතර අවශ්‍ය විටෙක ඒ සඳහා විශේෂ ගුවන් ගමන් සිදු කෙරෙනු ඇති බව එම සමාගම වැඩිදුරටත් නිවේදනය කළේය.

Related posts

මන්ත්‍රී රිෂාඩ් විශේෂ ආරක්ෂිත ඇඳුමකින් පාර්ලිමේන්තුවට [VIDEO]

Mohamed Dilsad

සරණාගතයින් ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රංශ කාර්යාලයේ නියෝජිතයන් සහ රිෂාඩ් බදියුදීන් අතර සාකච්ඡාවක්

Editor O

තිරිඟු පිටි ප්‍රවාහනය කිරීමට දුම්රිය සේවාවක්

Mohamed Dilsad

Leave a Comment