දේශීය

PHI ට ආයුධයකින් පහරදුන් සැකකරු සොයා මෙහෙයුම්

(UTV | කොළඹ) – රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යා‍ලයේ සේව‍යේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබේ.

ඒ රඹුක්කන, පත්තම්පිටිය ‍ප්‍රදේශයේ දී කොරෝනා‍ වෛරසය මැඩලීමේ රාජකාරියෙදී සිටියදී.

පොලීසිය පැවසුවේ අද (04) සවස 3 ට පමණ මෙම පහර දීම සිදු කර ඇති බවයි.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 15 ක්වු අයෙක් බවට හඳුනා ගෙන තිබේ.

පහර කෑමෙන් තුවාල ලැබු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ‍සැකකරුට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

Related posts

පෞද්ගලික අංශයේ වැටුප් පිළිබඳ කැබිනට් තීරණයක්

Mohamed Dilsad

IOC සහයට සිපෙට්කෝ බවුසර්

Mohamed Dilsad

ජනපතිගේ නම විකුණමින් රාජ්‍ය ආයතනවලට කරන බලපෑම් වහාම දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment