දේශීයව්‍යාපාරික

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සහ අනිද්දා වැසෙයි

(UTV| දඹුල්ල) – දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අප්‍රේල් මස 5 සහ 6 යන දිනයන් වසා තැබීමට තීරණය කළ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරැවුල මහතා පවසයි.

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් පරිදි නාගරික සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිතාර  විතානගේ මහතාගේ අත්සනින් යුතුව ලිපියක් මගින් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය වෙත මෙම දැනුම් දීම සිදුකර තිබේ.

පනවා ඇති ඇඳිරිනීතිය ඉවත්වෙන දින සහ ඊට පෙර දින අති විශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමත් සමග රෝගය පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මෙම යෝජනාව වෙළඳ සංගමය සාකච්ඡාකොට තීරණය කළ බව ඇරැවුල මහතා සඳහන් කළේය.

Related posts

තායිලන්තයේ උබෝන් රාජධානියේ භික්ෂුන් වහන්සේලා ඇතුළු දූත පිරිසක් පාර්ලිමේන්තුවට වැඩම කරති

Editor O

තැපැල් ඡන්දයට දින නියම කෙරේ

Mohamed Dilsad

ජනපති ආසියානු සංවර්ධන බංකුවේ සාකච්ඡාවකට

Mohamed Dilsad

Leave a Comment