දේශීයප්‍රමුඛ පුවත 1

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී සහ ජනපති අතර දුරකථන සංවාදයක්

(UTV | කොළඹ) – ඊයේ (31) රාත්‍රියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩනම් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කලේ කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහ සමස්ත කලාපයට බලපා ඇති සෞඛ්‍යමය සහ ආර්ථිකමය බලපෑම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කල බවයි.

කොරෝනා මර්දනයට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම යෙදවීම සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ස්තූතිය පළ කල බවද ටෙඩ්‍රස් ඇඩනම් මහතා ප්‍රකාශ කර තිබේ.

Related posts

විගමන ශ්‍රමිකයන්ගේ නිවෙස්වලට නොමිලේ WIFI.

Mohamed Dilsad

MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

Mohamed Dilsad

හරිනි සහ මහින්ද ජයසිංහ අතර ගැටුමක්

Editor O

Leave a Comment