දේශීයප්‍රමුඛ පුවත 1

දකුණු ආසියා රටවල සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – දකුණු ආසියාතික කලාපයේ රටවල සිටින ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරලීම උදෙසා එම රටවල ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල සමග එක්ව කටයුතු කරන බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොවිඞ්19 ගෝලීය වසංගතය හමුවේ ඔවුන් සමග නිරතුරු සබදතා පවත්වා ගනිමින් ඔවුන්ගේ සුබසාධන උදෙසා කටයුතු කරන බවයි.

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කරන තුරු එම රටවලම රැදී සිටින ලෙස ලක් රජය පසුගිය දා ඉල්ලීමක් කළේය.

එමෙන්ම, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කළ පසු නැවත ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට ද රජය සහතික වී තිබේ.

විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටියේ නවදිල්ලිය, චෙන්නායි, මුම්බායි යන ඉන්දීය නගරවල මෙන්ම කත්මණ්ඩු, ඉස්ලාමාබාද්, ඩකා, කාබුල් සහ මාලේ යන අනෙක් දකුණු ආසියාතික අගනගරවල ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල මගින් එම රටවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබදව අවධානයෙන් පසුවන බවයි.

Related posts

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ඇගයීමක්

Mohamed Dilsad

ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලිකව නවතයි

Mohamed Dilsad

අන්තර් පළාත් බස් රථ ධාවනයට මෙතෙක් අවසර නැහැ – ලංගම

Mohamed Dilsad

Leave a Comment