දේශීය

ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට

(UTV |කොළඹ ) – අද(27) නාවික හමුදාව සහ පොලිසිය එක්ව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 700 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඳරි නීති තත්වය පවතින අවස්ථාවක උතුරු මැද නාවික විධානයට අයත් නාවික පුද්ගයින් පිරිසක්, තලෙයිමන්නාරම පොලිසිය හා එක්ව අද මන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී එම ප්‍රදේශයේ පාලු ස්ථානයක සැක සහිත ලෙස හැසිරුණු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කරන ලදි.

පසුව ඔහු සම්බන්ධයෙන් සිදු කල වැඩිදුර විමර්ෂණවලදී ඒ අසල කැළෑබඳ ප්‍රදේශයක සගවා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700 කට ආසන්න ප්‍රමාණයක් සහිත පාර්සලයක් සොයා ගැනීමට හැකිවිය.

ඒ අනුව අදාල සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

පොලීසිය විසින් මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු අවුරුදු 27ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු තලෙයිමන්නාරම සිදු කරනු ලබයි.

Related posts

ආගමන විගමන නිලධාරීන් 450 කට කොවිඩ් එන්නත

Mohamed Dilsad

වරාය වෙත පිවිසෙන නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි

Mohamed Dilsad

අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය ඇරඹෙයි [LIVE]

Mohamed Dilsad

Leave a Comment