විදෙස්

නිවෙස්වලින් පිටතට පැමිණියොත් බ්‍රිතාන්‍ය පොලිසියෙන් පවුම් 960 ක දඩයක්

(UTV | කොළඹ) – බි‍්‍රතාන්‍ය පොලීසිය විසින් රජය විසින් සිදුකර ඇති දැනුම්දීම් නොසලකා සිය නිවෙස්වලින් පිටතට පැමිණෙන පුද්ගලයින් සොයා දැඩි මෙහෙයුම් ආරම්භ කර  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

විදෙස් වාර්තා පැවසුවේ බි‍්‍රතාන්‍යයට අයත් සියලු රාජ්‍යයන්හි මාර්ගවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සිය නිවෙසින් බැහැරට පැමිණෙන පුද්ගලයින් හට දඩ පැනවීමටත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් පොලීසියට බලය පවරා ඇති බව ද අදාළ වාර්තාවල සඳහන්.

ඒ අනුව අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවෙස්වලින් පිටතට පැමිණෙන පුද්ගලයින් හට ස්ටර්ලින් පවුම් 960 ක උපරිමයකට යටත්ව දඩ පැනවීමක් සිදු කෙරෙනු ඇත.

ඒ අනුව යම් පුද්ගලයෙකු අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා කිහිපවරක් නිවෙසින් පිටතට පැමිණිය හොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

ප්‍රචන්ඩත්වය සහ අන්තවාදය අවසන් කරන්නැයි පාප්වහන්සේ ඉරාකයේදී ඉල්ලයි

Mohamed Dilsad

කොරෝනාවෙන් මිය යන සංඛ්‍යාව 2000 ආසන්න වේ

Mohamed Dilsad

ඇමෙරිකාව පුරා ජාතික කොඩි දින 05 ක් අඩකුඹු වෙයි

Mohamed Dilsad

Leave a Comment