දේශීය

දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

(UTV |කොළඹ ) – පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මස 30 වන සඳුදා පෙරවරු 06.00ට යලි තාවකාලිකව ඉවත් කර එදිනම පස්වරු 02.00ට යළි පැනවෙන බවයි.

යළි දැනුම් දෙන තුරු කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට සහ යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ (26) පස්වරු 02.00 සිට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය ලබන 30 වන සඳුදා පෙරවරු 06.00ට ලිහිල් කිරිමට නියමිතයි.

Related posts

දේශපාලකයන් ඇතුළු පිරිසකට මරණ තර්ජන තිබෙන බවට වාර්තාවක්

Editor O

ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

විශ්‍රාමිකයින්ට හෙට සිට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment