දේශීය

සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ සේවාවක්

(UTV |කොළඹ ) – සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රවාහනය සඳහා මේ වනවිට බස් රථ 275කට වැඩි සංඛ්‍යාවක් ධාවයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ගාස්තු අය කිරීමකින් තොරව මෙම බස් රථ මගින් සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනය කිරීම සිදුවන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ එච් පණ්ඩුල සඳහන් කළේය.

ඇඳිරිනීතිය ක්‍රීයාත්මකවීම ආරම්භ වූ දින සිට රෝහල්වල ඉල්ලීම පරිදි මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක බවත් ඉදිරියේදීද අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ලංගම සූදානම් බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පොලිස් නිලධාරියෙක් වෙඩි තබා ගනී

Editor O

මහවිරු දිනය සැමරීම් වලට සම්බන්ධ 46ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment