දේශීය

නිරෝධායන වන නිවෙස් වල අපද්‍රව්‍ය වලට කල යුතු දේ

(UTV|කොළඹ) – කොරෝනා වයිරසය හේතුවෙන් නිරෝධානය වන නිවෙස් වලින් සහ කොරෝනා ආසාධිතයින් හමු වු නිවෙස් වලින් ඉවතලන මුඛ ආවරණ, අත් වැසුම් ඇතුලු කසළ පොදු කසළ කඳු වලට මුදා නොහරින ලෙස දැනුම් දෙයි.

එම කසල ගෙවත්තේම පුලුස්සන ලෙස බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා සදහන් කරයි.

කොරෝනා ආසාධිතයන් හමු වුන නිවෙස් වලින් ඉවතලන මුඛ ආවරණ, අත් වැසුම් ඔස්සේ වයිරසය ව්‍යාප්ත විය හැක.

මේ නිසා කසළ කළමණාකරණ සේවකයින් යම් අවදානමකට ලක්වනු ඇත.

නිරෝධාන නිවෙස් වලින් ඉවතලන කසළ බැහැරලීමට විධිමත් පියවර ගතයුතුය.

කසළ පිළිස්සීමට හෝ වල දැමීමට ඉඩකඩ නැති නිරෝධානයට යොමු වුන නිවැසියන්ගෙන් බැහැරලන කසල නිරෝධාන දින 14 නිමවී පැය 72 ක් සීල් කළ බෑගයක ආරක්ෂිතව රඳවා තබා බැහරලීමට පියවර ගන්නා ලෙස ඔහු දැනුම් දෙයි.

Related posts

ෆුල් ෆේස් හෙල්මට් භාවිතය වරදක් නොවන බව අභියාචනාධිකරණයේදී අනාවරණ වෙයි

Mohamed Dilsad

අනුර දිසානායක ඉන්දියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම හංගලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

Editor O

ගිනිගත් නැවේ නියෝජිතයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, උපදෙස්

Mohamed Dilsad

Leave a Comment