විදෙස්

කොරෝනාවෙන් වැඩිම පිරිසක් මරණයට පත්වූ රට බවට ඉතාලිය පත්වේ

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වූ චීනය පසු කරමින් ලොව වැඩිම පිරිසක් ජිවිතක්ෂයට පත්වූ රට බවට ඉතාලිය පත්විය.

ගතවූ පැය 24 තුලදී ඉතාලියේ පුද්ගල මරණ 427 ක් වාර්තා වූ අතර ඒ සමගම එරට මිය ගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 3,405ක් බව සඳහන් වේ.

චිනයෙන් මේ වන විට වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 3,249 කි.

මේ වන විට ඉතාලියේ කොරෝනා වෛරසය වැළඳී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 41,035 ක් වේ.

මේ අතර චීනයේ රතු කුරුස වෛද්‍ය බලකාය සහන සේවා සැපයීම සඳහා ඉතාලියට පැමිණ තිබේ.

ඉතාලි බලධාරින් කොරෝනා වෛරසය පාලනය කිරිමට ප්‍රමාණවත් තරම් පියවර ගෙන නොමැති බව එම කණ්ඩායමේ බලධාරින් සඳහන් කර ඇත.

දෛනිකව ඉහළ යන රෝගීන් සහ වාර්තා වන මරණ හේතුවෙන් ඉතාලියේ සමස්ත වෛද්‍ය අංශයම දැඩි පීඩාවකට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ ඉතාලියේ වෛද්‍ය කේෂ්ත්‍රය මේ වන විට දැඩි මානසික පිඩනයකට ලක්ව සිටින බවයි.

මේ අතර කොරෝනා වෛරසය සඳහා සිදුකරන වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යයේ එරට සෞඛ්‍ය කේෂත්‍රයට සම්බන්ධ නිලධාරින් 2,629 කට කොරෝනා වෛරසය වැලදී තිබෙන අතර ඉන් පුද්ගලයින් 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

එලෙස ජිවිතක්ෂයට පත්වූ පිරිසෙන් 05 දෙනෙක් වෛද්‍යවරුන්ය.

Related posts

ඇමරිකානු නව ජනපතිට පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

කොරෝනා පැතිරීම වේගවත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන පවසයි

Mohamed Dilsad

Leave a Comment