විදෙස්

චීනය තුළ ඊයේ කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවෙයි

(UTV | චීනය) –  කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ ඊයේ (18) දිනය තුළ චීනයෙන් වෛරසය ආසාදනය වූ එකදු රෝගියෙකුවත් වාර්තා නොවුණු බව චීන මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසයේ පැතිරීමේ කේන්ද්‍රය ලෙස සැලකූ වූහාන් නගරයෙන්ද ඊයේ දිනයේ කිසිදු ආසාදිතයෙකුවත් වාර්තා නොවීම විශේෂත්වයකි.

චීනයේ වෛරසය ආසාදිතයන් 81,235 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 3,250 ක් වාර්තා වේ. එම මරණ අතරට හොංකොං හි මරණ 04 ක් සහ තායිවානයේ මරණයක්ද ඇතුළත් වෙයි.

එක් දිනක් තුළ නව කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වූ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්තා විය.

ගතවූ පැය විසි හතරක කාලය තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475 ක් වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වනවිට කොරෝනා වෛරසයෙන් ඉතාලියෙන් පමණක් පුද්ගලයින් 2,978 දෙනෙකු මියගොස් ඇත.

කෙසේ වෙතත් චීනය වෙත විදෙස් රටවලින් පැමිණි පුද්ගලයන් වෛරසයට ගොදුරුව පැමිණීම නිසා යළිත් වෛරසය හිස එසවීම වැළැක්වීමට චීනය වෙත පැමිණෙන සියලු දෙනා දැඩි නිරෝධායනයකට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බවද වි‍දෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

තම මවගේ මරණය ආවර්ජනය කරමින් බියෙන් පසුවන හැරී කුමරු

Mohamed Dilsad

කිලෝ 6000ක බර ගෙනයා හැකි, මිනිසුන් රහිත ගුවන් යානයක්

Editor O

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment