දේශීය

ගිහාන් පිලපිටියගේ පෙත්සම සලකා බැලීම කල් යයි

(UTV| කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම මැයි මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය.

ඒ , තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලබාදී තිබෙන උපදෙස් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.

මෙම පෙත්සම අද කැදවනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේයි.

Related posts

බන්ධනාගාර රැඳවියන්ටත් කොවිඩ් මර්දන එන්නත

Mohamed Dilsad

රන් පවුමක මිල රු. 342000 ක් දක්වා ඉහළට.

Editor O

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා වලංගු කාලය මසකින් දීර්ඝ කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment