දේශීය

රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම් සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

(UTV | කොළඹ) – රවී කරුණානායක ඇතුළු සිව් දෙනෙකු තමන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව රීට් ආඥා නියෝගයක් මඟින් අත්හිටුවන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එසේම , මෙම පෙත්සම් විභාග කිරීම සදහා අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද පත්කරනු ලැබීය.

එහි සාමාජිකයන් වන්නේ අභියනාධිකරණයේ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් , සෝභිත රාජකරුණා හා ශිරාන් ගුණරත්න යන මහත්වරුනුයි.

රවී කරුණානායක ඇතුළු සිව් දෙනාගේ පෙත්සම් විභාගය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතය.

Related posts

පාම් තෙල් ඇතුළු තෙල් වර්ග කිහිපයක ආනයන බදු ඉහළට

Mohamed Dilsad

පැය කීපයකට කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයකින් ජලය

Mohamed Dilsad

නාවික හමුදා සෙබලුන්ගේ පවුල්වල සාමාජිකයන් 1031 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment