විදෙස්

මාලදිවයින පළමු කොරෝනා වෛරස් ආසාදිතයන් හමුවෙයි

(UTV | මාලදිවයින ) – ප්‍රථම වරට කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු මාලදිවයිනෙන් හමුවී තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ ඉතාලි ජාතික සංචාරකයෙකුගෙන් බවයි.

එම ඉතාලි ජාතිකයා මේ වනවිට සිය රට බලා ගොස් ඇති අතර, එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

කොරෝනා වෛරස් ආසාදිතයන් දිවයින් දෙකක් නිරෝධායනයට ලක්කිරිමට මාලදිවයින් රජය තීරණය කළ බවත් ඉතාලියේ ගත කළ කිසිවෙකුට අද (08) සිට මාලදිවයිනට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කොරෝනා මැඩලීමට මෙල්බර්න් නුවරට හමුදා භට කණ්ඩායම් අනුයුක්ත කරයි

Mohamed Dilsad

වැලන්ටයින් සැමරුම් වලට අධිකරණ තහනමක්

Mohamed Dilsad

විශ්වාසභංග යෝජනාවෙන් තෙරේසා මේ ජයගනී…

Mohamed Dilsad

Leave a Comment