ව්‍යාපාරික

සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක් මේ වසරේදී

(UTV | කොළඹ) – 2020 වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙමගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන 122 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂිත බවයි.

තවද වත්මන් රජය පත්වීමෙන් පසුව රුපියල් මිලියන 66,250 අපේක්ෂිත සංචාරක ආයෝජනයන් සහිත නව ව්‍යාපෘති කිහිපයක් සඳහා අයදුම්පත් ඉදිරිපත් වී ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

මේ යටතේ කාමර 550 ක් හා විලා 400 ක් ඉදිකිරීමට නියමිත බවත් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනවලට රජය වැඩි අවධානයක් යොමු කරන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Related posts

සංචාරක ආයෝජන කඩිනම් කිරීම සඳහා නව ඒකකයක්

Mohamed Dilsad

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළඳ කටයුතු තවඳුරටත් ප්‍රවර්ධනය කිරීමට පියවර

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 03ට අලුත් වාහන 37,000ක් ලියාපදිංචි කරලා.

Editor O

Leave a Comment